ආයුබෝවන්..!
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව මඟින් සපයන සේවාවන් හා සේවාලාභී ඔබට අවශ්‍ය වන අනෙකුත් අවශ්‍යතා ඉටුකරලීම සඳහා වු, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු
සිදුවීම්- පෙර පාසල අලුත්වැඩියා කිරීම
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා පෙර පාසලේ සිදු කෙරෙන අලුත්වැඩියාව හේතුවෙන් එය තාවකාලිකව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරය වෙත ගෙන යන ලදී.
තව දුරටත්පුවත්- දේපළ බදු දීම
2024 වර්ෂය සඳහා ප්‍රාදේශීය සභා දේපළ බදු දීමේ කටයුතු නොබෝ දිනකින් ආරම්භවේ.
තව දුරටත්දැන්වීම්- ප්‍රසම්පාදන
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ 2024 වර්ෂයට ආදාළව සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම 2023.11.25 වන දින සිට සිදු කරනු ලබයි.
තව දුරටත්තොරතුරු
කසළ එකතු කිරිම - මාසයේ සෑම දිනකම දිරණ කසළ එකතු කරනු ලැබේ.නොදිරණ කසළ සෑම මසකම 15 සහ 30 යන දිනයන් වලදී එකතු කරනු ලැබේ.
තව දුරටත්වත්මන් නායකත්වය
බල ප්‍රදේශයේ දියුණුව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බුලත්කාහුපිටිය ප්‍රාදේශීය සභාවේ සහ පළාත් පාලනයේ ප්‍රධානත්වය හොබවන පුරෝගාමී නායකත්වයන්
නවතම තොරතුරු
පුවත්, සිදුවීම්,වැඩසටහන්,ව්‍යාපෘති. යාවත්කාලීන කිරීම්
රුක් රෝපණ දිනය
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එච්.ඩබ් නිමල් ජයරත්න මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, ගරු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙන්ම සභා ලේකම්තුමාගේ මෙහෙයවීමෙන් සහ කාර්‍ය මණ්ඩලයේ දැඩි ඇප කැප වීම මත පලාත් පාලන සතිය පරිසර හා රුක් රෝපණ දිනය ඉතාමත් සාර්ථකව නිමාවට පත්විය.
Sermon at the crematorium premises
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුලු මන්ත්‍රී මණ්ඩලයේ සහ ලේකම්තුමා ඇතුලු කාර්‍යමණ්ඩලයේ ඇප කැපවීම මත 2025/09/20 දිනට යෙදෙන මහජන උපයෝගිතා දිනය කොට ගෙන 2025/09/12 දින ස්වාමීන් වහන්සේ නමක් ගෙන්වා ධර්ම දේශනයක් පසුගියදා ආදාහනාගාර පරිශ්‍රයේදී සිදු කරන ලදී. ධර්මදේශනය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, නියෝජ්‍ය පරිවෙනාධිපති, පන්නල පුරාණ විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය කිරිවත්තුඩුවේ වනරතන ස්වාමිපාදයන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කරනලදී. ධර්ම දේශනය අවසානයේ මහගෙදර වෙලදසැල අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද තේපැන් දන්සැලකද පැවැත්විණි.
Hydrapure ව්‍යාපෘතිය - නලගන ඇල්ල
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රීලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ SLTC LEO සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ව්‍යාපෘති යටතේ සිදුකළ තවත් එක් ව්‍යාපෘතියක් වන "Hydrapure" ව්‍යාපෘතිය නළඟන ඇල්ල සහ එහි මත්ස්‍ය විශේෂ සංරක්ෂණය මුලික කරගෙන,නිර්මාණය කරන ලද දැන්වීම් පුවරුවක් එළිදැක්වීම, රුක් රෝපණය, නලඟන ඇල්ල අවට ප්‍රදේශය පිරිසිදු කිරීම වැනි වැඩසටහන් කිහිපයක් දවස පුරා SLTC LEO සමාජයෙන් පැමිණි කණ්ඩායම විසින් සිදු කරන ලදී. එදින බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුද මෙම වැඩසටහන සඳහා සහභාගි විය
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
බුලත්‍කොහුපිටිය ප්‍රාෙද්ශීය සභාවට 2025 වසර සදහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු 2024.12.29 දින දක්වා සිදු කරනු ලබයි.
කසල කළමණාකරන සේවාවේ යෙදෙන සේවක පිරිස ඇගයීම
බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවයේ නියුතු පරිපාලක මහජන සෞඛ්‍ය පරීක්ෂක අත්තනායක මහතා විසින් පවත්වනු ලබන සේවක අභිප්‍රේරණ වැඩසටහනෙන් අනතුරුව කසළ කළමණාකරන සේවාවේ යෙදෙන සේවක පිරිස ඇගයීම මෙම ඇගයීමේදී ත්‍යාග සඳහා දායකත්වය මනෝජ් මයා - කුකුළු මස් කඩය, බුලත්කොහුපිටිය තිලකරත්න මයා - සඳසිරි හෝටලය හිමිකරු - ජයසිරි මල් ශාලාව අශෝක මහතා - අශෝක ට්‍රේලර්ස් තුෂාරි මිය - බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව අමිලානි මිය - බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව පවිත්‍රා මිය - බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව කල්පනී මිය - බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව
ඩෙංගු මර්ධන වැඩසටහන
බුලත්කොහුපිට්ය ප්‍රාදේශීය සභාවේ පූර්ණ මැදිහත්වීම මත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා සම්බන්ධව බුලත්කොහුපිට්ය නගරයේ කානු පද්ධතිය පරීක්ෂා කිරීම හා කානු පද්ධතිය පිරිසිදු කර කඩ හිමියන් දැනුවත් කිරීම 2025/03/17 දින සිදුකරන ලදී. මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක මහතුන් කිහිපදෙනෙකුගේ දායකත්වය මේ සඳහා ලැබුණි.
නව වසර සඳහා ප්‍රාදේශීය සභා පෙර පාසලේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම
2025 වසරට අදාළව බුලත්කොහුපිටිය ප්‍රාෙද්ශීය සභා පෙර පාසල් අධ්‍යාපන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
බුලත්කොහුපිටිය නගරය පිරිසිදු කිරීම
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවෙහි මූලිකත්වයෙන් හා මෙහෙයවීමෙන් Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව 2025.01.31 දින බුලත්කොහුපිටිය නගරය, බස් නැවතුම්පල, දේදුගල මාර්ගය අංගුන්න දක්වා හා අලවතුර දක්වා,පිරිසිදු කර ජනතාවට පහසුව සලසන ලදී. මෙම අවස්ථාවට ජාතික ජනබලවේගය යටියන්තොට ආසන සංවිධායක නන්දන මිල්ලගල මැතිතුමාගේ පුද්ගලික ලේකම්තුමා, ප්‍රාදේශී්‍ය සභා ලේකම්, ප්‍රාදේශීය ලේකම්තුමිය, පොලිස් ස්ථානාධිපතිතුමා, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හා එම කාර්යාලයන්හි නිලධාරීන් සහභාගි විය. මෙහි පළමු අදියර 2025 ජනවාරි මස 22 වන දින පන්නල, පනාපිටිය සිට බුලත්කොහුපිටිය දක්වා සිදු කර ඇත.
පිළිබඳ
බුලත්කොහුපිටි ප්‍රාදේශීය සභාව
මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 124.205 ක් වන අතර 51425ක් වන ජනගහනය බහු වාර්ගික හා බහු ආගමික සංස්කෘතීන්ගේ විවිධත්වයන් උරුම කරගෙන සිටී.
සුන්දර බුලත්කොහුපිටිය
සොඳුරු අඩවියකට හිමිකම් කියන බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය දේශීය සංචාරකයින්ගේ ඇසිදිසි පාරාදීසයක් බවට පත් වී ඇත.
ඉතිහාසය
යටියන්තොට කොට්ඨාශයේ වසම් 20 කුත් ගලිගමුව කොට්ඨාශයේ වසම් 7 කුත් ඒකරාශී කොට ගනිමින් 2006 අප්‍රේල් 15 දින නව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව පිහිටුවන ලදී.
ප්‍රාදේශීය සභාව
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව ගරු සභාපතිතුමා ඇතුළු 18 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී මණ්ඩලයත්, ගරු ලේකම්තුමා ඇතුළු ස්ථීර, අනියම්, තාවකාලික කාර්යය මණ්ඩලයත් එක්ව ප්‍රදේශය තුළ මහඟු මෙහෙවරක් ඉටු කරයි.
සේවාවන්
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව මඟින් ඉටු කරනු ලබන ප්‍රධාන සේවාවන් බිඳක්..
අනතුරුදායක ගස් ඉවත් කිරීම
ගසේ යම් කොටසක් මාර්ගයට හෝ නිවසකට හානි විය හැකි අයුරින් පවතින අවස්ථාවල ප්‍රාදේශීය සභාව විසින් මේ සඳහා ක්‍රියා මාර්ග ගනු ලැබේ.
ඝණ අපද්‍රව්‍ය කමනාකරණය
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල එක් රැස්වන කැලි කසල අපහරණ කටයුතු සිදු කරමින් මාර්ග අතුගා පිරිසිදු කොට ප්‍රදේශය පවිත්‍රව සහ සනීපාරක්ෂිතව පවත්වාගෙන යාම
වීථිරේඛා/ ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම
මෙම සහතිකය නිකුත් කරනු ලබනුයේ ගොඩනැගිලි සීමාව සලකනු කිරීම සඳහාය.
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
ප්‍රාදේශීය සභාවක් විසින් සිය බල ප්‍රදේශය තුල පිහිටි සියලු ඉදිකිරීමේ ක්‍රියාකාරකම් පාලනය හා නියාමනය කරයි.
වීදි සහ පොදු ස්ථාන ආලෝකකරණය
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගවල සහ පොදු ස්ථාන වල වීථිලාම්පු සවි කිරීමේ හා නඩත්තු කිරීමේ කටයුතු බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ විදුලි අංශය මඟින් සිදු කරනු ලබයි.
නිතර අසන පැන
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවෙන් නිතර අසන පැන
-
කාබනික පොහොර කිලෝවක මිල කීයද?
රුපියල් 15.00 කි.
-
වීථිරේඛා සහතිකය ලබා ගැනීමට අවශ්‍ය ලියවිලි මොනවාද?
ඔප්පුව, මානක සැලැස්ම, පත්තිරු
-
වරිපනම් දේපළක හිමිකම වෙනස් කිරීමට අවශ්‍ය ලියවිලි මොනවාද?
ඔප්පුව, මානක සැලැස්ම, පත්තිරු, හිමිකමි වාර්තාව, පෙළපත් සටහන
-
ප්ලාස්ටික් සහ පොලිතීන් එකතු කරන දින මොනවාද?
සෑම මසකම 15 සහ 30 යන දිනවල
අමතන්න
අප අමතන්න
විද්‍යුත් තැපෑල
bulathps@gmail.com
ලිපිනය
ප්‍රාදේශීය සභාව, බුලත්කොහුපිටිය.
දුරකථනය
0362247575

