යක්ගලකන්ද කොම්පෝස්ට් අංගනය

බුලත්කොහුපිටිය බල ප්‍රදේශයේ කසල කළමනාකරණය වරිපනම් කලාප පදනම් කොට සිදු කරන අතර එහිදී නාගරික කසල කළමනාකරණය ඉලක්ක කර ගනී. තම ව්‍යාපාරික ස්ථානය, ගෘහය තුල සීමිත ඉඩක් ඇති බැවින් ස්වයං කසල කළමනාකරණය කර ගැනීමට නොහැකි ජනතාවට මෙය වඩාත් සහනදායී වේ. නාගරික අලංකරන ක්‍රියාවලියේදී මෙන්ම වසංගත රෝග ව්‍යාප්තිය පාලනය කිරිමට මෙම වැඩසටහන වඩාත් ඵලදායී වේ.

පළාත් පාලන බල ප්‍රදේශයක කසළ කළමනාකරණයේදී පළාත් පාලන ආයතනයක් මඟින් පවත්වාගෙන යා යුතු සුවිශේෂී  අංගයක් වන කසළ කළමනාකරණ මධ්‍යස්ථානය අප ප්‍රාදේශිය සභාව මඟින් ද ඉතා මැනවින් පවත්වාගෙන යයි. එය බුලත්කොහුපිටිය ප්‍රධාන නඟරයෙන් කි.මී.3ක් පමණ දුරින් නෙව්ස්මියර් පහල යග්ගලකන්ද නම් ග්‍රාමයේ පිහිටා ඇති  අතර මෙම  ප්‍රදේශය මිනිස් වාසයෙන් තොර හුදකලා ප්‍රදේශයකි.

මෙම කසළ කළමනාකරණ මධ්‍යස්ථානය තුලදී දිරණ කසළ  කොම්පෝස්ට්කරණය  කිරිම, නොදිරණ කසල වෙන් කිරිම, කාබනික පොහොර නිශ්පාදනය, පොලිතීන් බ්‍රේරේල් කරණය ප්‍රධාන වශයෙන් සිදු කරයි.