ප්‍රාදේශීය සභා ඉතිහාසය

සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිගම්පල් කෝරලයේ පාත බුලත්ගම සභා වූ රුවන්වැල්ල, යටියන්තොට යන මැතිවරණ කොට්ඨාශ 1940 දශකයේ සිට පැවත එන්නකි. 1963-07-01 සිට මේ සභාව කොටස් කර යටියන්තොට සුළු නගර සභාව, රුවන්වැල්ල සුළු නගර සභාව, උඩුව පළාත් ගම් සභාව, කිතුල්ගල ගම් සභාව, මෙගොඩපත ආදී පළාත් පාලන ආයතන පිහිටුවන ලදී. එ් අනුව පිහිටුවන ලද යටියන්තොට සුළු නගර සභාව 1981 ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වූ කෑගල්ල සංවර්ධන සභාවේ යටියන්තොට උප කාර්යාලය බවට පත් විය. අනතුරුව 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතට අනුව 1988 ජනවාරි මස 01 දින සිට යටියන්තොට ප්‍රාදේශීය සභාව බවට පත් විය. ඊට පලාත් පාලනය යටතේ උඩුව පලාත් සංවර්ධන උප කාර්යාලය, යටියන්තොට සංවර්ධන උප කාර්යාලය, මෙගොඩපත පත්තුව සංවර්ධන උප කාර්යාලය, කිතුල්ගල පළාත් සංවර්ධන උප කාර්යාලය අන්තර්ගත විය. ඉන් පසුව 1988 ජනවාරි 01 දින සිට 1991 ජූනි 03 දින දක්වා යටියන්තොට ප්‍රාදේශීය සභාව විශේෂ කොමසාරිස් වරයෙකු යටතේ පාලනය විය.

1991 ජූලි 01 දින මහජන ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රී මණ්ඩලයකින් යටියන්තොට ප්‍රාදේශීය සභාව පාලනය විය. එතැන් පටන් 1997 අප්‍රේල් මස 01 දින සිට දෙවන ප්‍රාදේශීය සභාවත් 2002 අප්‍රේල් 15 දින සිට තුන්වන ප්‍රාදේශීය සභාවත් ඉන් පසුව උඩුව පලාතේ ජනතාවගේ දැඩි ඉල්ලීම හා කැපවීම මත කෑගලු දිස්ත්‍රික්කයේ සියලුම නායකයන්ගේ සහයෝගයෙන් යටියන්තොට කොට්ඨාශයේ වසම් 20 කුත් ගලිගමුව කොට්ඨාශයේ වසම් 7 කුත් ඒකරාශී කොට ගනිමින් 2006 අප්‍රේල් 15 දින නව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව පිහිටුවන ලදී. එම සැසිවාරය මහජන ජන්දයෙන් තේරී පත් වූ සභාපති හා උප සභාපති ඇතුළු මන්ත්‍රී වරු 10 දෙනෙකුගෙන් සමන්විත විය.



agency