වැඩසවහන්

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවෙහි මූලිකත්වයෙන් හා මෙහෙයවීමෙන් Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව 2025.01.31 දින බුලත්කොහුපිටිය නගරය, බස් නැවතුම්පල, දේදුගල මාර්ගය අංගුන්න දක්වා හා අලවතුර දක්වා,පිරිසිදු කර ජනතාවට පහසුව සලසන ලදී. මෙම අවස්ථාවට ජාතික ජනබලවේගය යටියන්තොට ආසන සංවිධායක නන්දන මිල්ලගල මැතිතුමාගේ පුද්ගලික ලේකම්තුමා, ප්‍රාදේශී්‍ය සභා ලේකම්, ප්‍රාදේශීය ලේකම්තුමිය‍, පොලිස් ස්ථානාධිපතිතුමා, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හා එම කාර්යාලයන්හි නිලධාරීන් සහභාගි විය. මෙහි පළමු අදියර 2025 ජනවාරි මස 22 වන දින පන්නල, පනාපිටිය සිට බුලත්කොහුපිටිය දක්වා සිදු කර ඇත.

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රීලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ SLTC LEO සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ව්‍යාපෘති යටතේ සිදුකළ තවත් එක් ව්‍යාපෘතියක් වන "Hydrapure" ව්‍යාපෘතිය නළඟන ඇල්ල සහ එහි මත්ස්‍ය විශේෂ සංරක්ෂණය මුලික කරගෙන,නිර්මාණය කරන ලද දැන්වීම් පුවරුවක් එළිදැක්වීම, රුක් රෝපණය, නලඟන ඇල්ල අවට ප්‍රදේශය පිරිසිදු කිරීම වැනි වැඩසටහන් කිහිපයක් දවස පුරා SLTC LEO සමාජයෙන් පැමිණි කණ්ඩායම විසින් සිදු කරන ලදී. එදින බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුද මෙම වැඩසටහන සඳහා සහභාගි විය

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුලු මන්ත්‍රී මණ්ඩලයේ සහ ලේකම්තුමා ඇතුලු කාර්‍යමණ්ඩලයේ ඇප කැපවීම මත 2025/09/20 දිනට යෙදෙන මහජන උපයෝගිතා දිනය කොට ගෙන 2025/09/12 දින ස්වාමීන් වහන්සේ නමක් ගෙන්වා ධර්ම දේශනයක් පසුගියදා ආදාහනාගාර පරිශ්‍රයේදී සිදු කරන ලදී. ධර්මදේශනය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, නියෝජ්‍ය පරිවෙනාධිපති, පන්නල පුරාණ විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය කිරිවත්තුඩුවේ වනරතන ස්වාමිපාදයන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කරනලදී. ධර්ම දේශනය අවසානයේ මහගෙදර වෙලදසැල අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද තේපැන් දන්සැලකද පැවැත්විණි.

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එච්.ඩබ් නිමල් ජයරත්න මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, ගරු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙන්ම සභා ලේකම්තුමාගේ මෙහෙයවීමෙන් සහ කාර්‍ය මණ්ඩලයේ දැඩි ඇප කැප වීම මත පලාත් පාලන සතිය පරිසර හා රුක් රෝපණ දිනය ඉතාමත් සාර්ථකව නිමාවට පත්විය.