ආයුබෝවන්..!
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව මඟින් සපයන සේවාවන් හා සේවාලාභී ඔබට අවශ්‍ය වන අනෙකුත් අවශ්‍යතා ඉටුකරලීම සඳහා වු, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු
සිදුවීම්- 2027 වර්ෂය සඳහා අයවැය සකස් කිරීම
2027 වර්ෂය සඳහා අයවැය සකස් කිරීමට ඔබේ අදහසත් ලබා දෙන්න!nබුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂය සඳහා අයවැය සකස් කිරීමේදී අප ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා, අදහස් සහ යෝජනා සැලකිල්ලට ගැනීමට බලාපොරොත්තු වෙමු.n💡 ඔබේ ප්‍රදේශයට අවශ්‍ය සංවර්ධන කටයුතුn🛣️ මාර්ග හා යටිතල පහසුකම්n💧 ජල හා සනීපාරක්ෂක .....
තව දුරටත්පුවත්- දේපළ බදු දීම
2027 වර්ෂය සඳහා ප්‍රාදේශීය සභා දේපළ බදු දීමේ කටයුතු නොබෝ දිනකින් ආරම්භවේ.
තව දුරටත්දැන්වීම්- ප්‍රසම්පාදන
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂයට ආදාළව සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම 2026.11.16 වන දින සිට සිදු කරනු ලබයි.
තව දුරටත්තොරතුරු
කසළ එකතු කිරිම - මාසයේ සෑම දිනකම දිරණ කසළ එකතු කරනු ලැබේ.නොදිරණ කසළ සෑම මසකම 15 සහ 30 යන දිනයන් වලදී එකතු කරනු ලැබේ.
තව දුරටත්වත්මන් නායකත්වය
බල ප්‍රදේශයේ දියුණුව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බුලත්කාහුපිටිය ප්‍රාදේශීය සභාවේ සහ පළාත් පාලනයේ ප්‍රධානත්වය හොබවන පුරෝගාමී නායකත්වයන්


නවතම තොරතුරු
පුවත්, සිදුවීම්,වැඩසටහන්,ව්‍යාපෘති. යාවත්කාලීන කිරීම්
ප්‍රසිද්ධ වෙන්දේසිය
ප්‍රසිද්ධ වෙන්දේසිය - බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවට අයත් යක්ගලකන්ද කසලාංගන භූමියේ පිහිටි පහත සඳහන් ගස් එම ස්ථානයේදී 2026.11.18 වන දින පෙ.ව.10.00 ට ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට කටයුතු යොදා ඇත.
සුභාශිංසන පිරිනැමීම
සුභාශිංසන පිරිනැමීම රාජ්‍ය පළාත් රාජ්‍ය කළමණාකරන සේවා නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස නැවත වරක් තේරීපත්වූ බුලත්කොහුපිටිය ප්‍රාෙද්ශීය සභාවේ සේවයේ නියුතු බණ්ඩාර සහෝදරයාට උණුසුම් සුභ පැතුම්
රුක් රෝපණ දිනය
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති එච්.ඩබ් නිමල් ජයරත්න මැතිතුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, ගරු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙන්ම සභා ලේකම්තුමාගේ මෙහෙයවීමෙන් සහ කාර්ය මණ්ඩලයේ දැඩි ඇප කැප වීම මත පලාත් පාලන සතිය පරිසර හා රුක් රෝපණ දිනය ඉතාමත් සාර්ථකව නිමාවට පත්විය.
Sermon at the crematorium premises
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුලු මන්ත්‍රී මණ්ඩලයේ සහ ලේකම්තුමා ඇතුලු කාර්යමණ්ඩලයේ ඇප කැපවීම මත 2025/09/20 දිනට යෙදෙන මහජන උපයෝගිතා දිනය කොට ගෙන 2025/09/12 දින ස්වාමීන් වහන්සේ නමක් ගෙන්වා ධර්ම දේශනයක් පසුගියදා ආදාහනාගාර පරිශ්‍රයේදී සිදු කරන ලදී. ධර්මදේශනය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, නියෝජ්‍ය පරිවෙනාධිපති, පන්නල පුරාණ විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය කිරිවත්තුඩුවේ වනරතන ස්වාමිපාදයන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදු කරනලදී. ධර්ම දේශනය අවසානයේ මහගෙදර වෙලදසැල අනුග්‍රහයෙන් සංවිධානය කරන ලද තේපැන් දන්සැලකද පැවැත්විණි.
Hydrapure ව්‍යාපෘතිය - නලගන ඇල්ල
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ශ්‍රීලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ SLTC LEO සමාජය විසින් සංවිධානය කරනු ලැබූ ව්‍යාපෘති යටතේ සිදුකළ තවත් එක් ව්‍යාපෘතියක් වන "Hydrapure" ව්‍යාපෘතිය නළඟන ඇල්ල සහ එහි මත්ස්‍ය විශේෂ සංරක්ෂණය මුලික කරගෙන,නිර්මාණය කරන ලද දැන්වීම් පුවරුවක් එළිදැක්වීම, රුක් රෝපණය, නලඟන ඇල්ල අවට ප්‍රදේශය පිරිසිදු කිරීම වැනි වැඩසටහන් කිහිපයක් දවස පුරා SLTC LEO සමාජයෙන් පැමිණි කණ්ඩායම විසින් සිදු කරන ලදී. එදින බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුද මෙම වැඩසටහන සඳහා සහභාගි විය
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
බුලත්කොහුපිටිය ප්‍රාෙද්ශීය සභාවට 2027 වසර සදහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු 2026.12.30 දින දක්වා සිදු කරනු ලබයි.
පිළිබඳ
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව
මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 124.205 ක් වන අතර 51425ක් වන ජනගහනය බහු වාර්ගික හා බහු ආගමික සංස්කෘතීන්ගේ විවිධත්වයන් උරුම කරගෙන සිටී.
සුන්දර බුලත්කොහුපිටිය
සොඳුරු අඩවියකට හිමිකම් කියන බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය දේශීය සංචාරකයින්ගේ ඇසිදිසි පාරාදීසයක් බවට පත් වී ඇත.
ඉතිහාසය
යටියන්තොට කොට්ඨාශයේ වසම් 20 කුත් ගලිගමුව කොට්ඨාශයේ වසම් 7 කුත් ඒකරාශී කොට ගනිමින් 2006 අප්‍රේල් 15 දින නව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව පිහිටුවන ලදී.
ප්‍රාදේශීය සභාව
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව ගරු සභාපතිතුමා ඇතුළු 19 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී මණ්ඩලයත්, ගරු ලේකම්තුමා ඇතුළු ස්ථීර, අනියම්, තාවකාලික කාර්යය මණ්ඩලයත් එක්ව ප්‍රදේශය තුළ මහඟු මෙහෙවරක් ඉටු කරයි.
සේවාවන්
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව මඟින් ඉටු කරනු ලබන ප්‍රධාන සේවාවන් බිඳක්
අනතුරුදායක ගස් ඉවත් කිරීම
ගසේ යම් කොටසක් මාර්ගයට හෝ නිවසකට හානි විය හැකි අයුරින් පවතින අවස්ථාවල ප්‍රාදේශීය සභාව විසින් මේ සඳහා ක්‍රියා මාර්ග ගනු ලැබේ.
ඝණ අපද්‍රව්‍ය කමනාකරණය
ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල එක් රැස්වන කැලි කසල අපහරණ කටයුතු සිදු කරමින් මාර්ග අතුගා පිරිසිදු කොට ප්‍රදේශය පවිත්‍රව සහ සනීපාරක්ෂිතව පවත්වාගෙන යාම
වීථිරේඛා/ ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම
මෙම සහතිකය නිකුත් කරනු ලබනුයේ ගොඩනැගිලි සීමාව සලකනු කිරීම සඳහාය.
ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම
ප්‍රාදේශීය සභාවක් විසින් සිය බල ප්‍රදේශය තුල පිහිටි සියලු ඉදිකිරීමේ ක්‍රියාකාරකම් පාලනය හා නියාමනය කරයි.
වීදි සහ පොදු ස්ථාන ආලෝකකරණය
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගවල සහ පොදු ස්ථාන වල වීථිලාම්පු සවි කිරීමේ හා නඩත්තු කිරීමේ කටයුතු බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ විදුලි අංශය මඟින් සිදු කරනු ලබයි.
නිතර අසන පැන
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවෙන් නිතර අසන පැන
-
කාබනික පොහොර කිලෝවක මිල කීයද?
රුපියල් 20.00 කි.
-
වීථිරේඛා සහතිකය ලබා ගැනීමට අවශ්‍ය ලියවිලි මොනවාද?
ඔප්පුව, මානක සැලැස්ම, පත්තිරු
-
වරිපනම් දේපළක හිමිකම වෙනස් කිරීමට අවශ්‍ය ලියවිලි මොනවාද?
ඔප්පුව, මානක සැලැස්ම, පත්තිරු, හිමිකමි වාර්තාව, පෙළපත් සටහන
-
ප්ලාස්ටික් සහ පොලිතීන් එකතු කරන දින මොනවාද?
සෑම මසකම 15 සහ 30 යන දිනවල
අමතන්න
අප අමතන්න
විද්‍යුත් තැපෑල
bulathps@gmail.com
ලිපිනය
ප්‍රාදේශීය සභාව, බුලත්කොහුපිටිය.
දුරකථනය
0362247575
