බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව ගරු සභාපතිතුමා ඇතුළු 18 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී මණ්ඩලයත්, ගරු ලේකම්තුමා ඇතුළු ස්ථීර, අනියම්, තාවකාලික කාර්යය මණ්ඩලයත් එක්ව ප්‍රදේශය තුළ මහඟු මෙහෙවරක් ඉටු කරයි. පොදු පරිපාලනය, සෞඛ්‍ය සේවා, භෞතික සැලසුම්, මංමාවත් හා ගොඩනැගිලි, උපයෝගී සේවා සහ සුභසාධන සේවා යන ප්‍රධාන ක්ෂේත්‍ර ඔස්සේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව විසින් සේවා සැපයීම සිදු කරයි.එමෙන්ම යහපත් නායකත්වය, දක්ෂ මග පෙන්වීම සහ සුහදශීලී කාර්ය මණ්ඩලය සේවාලාභී තෘප්තිය ඉහළ මට්ටමක තබා ගෙන බල ප්‍රදේශයේ උන්නතිය උදෙසා නිබඳව කටයුතු කරයි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන අතුරින් කුඩාම ප්‍රාදේශිය සභාව වන බුලත්කොහුපිටිය ප්‍රාදේශිය සභාව ඉතා අඩු ආදායමක් ලැබුවද ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කිරීමෙහිලා දැවැන්ත අඩිතාලම් තබා ඇත.සබරගමුව පළාතේ විශිෂ්ඨතම ප්‍රාදේශීය සභාව බවට පත් වූ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව කාර්ය සාධන තරඟාවලිය, ඵලදායිතා තරඟාවලිය ආදී තරඟාවලිවලින් විශිෂ්ඨ ජයග්‍රහණ ලබා ඇත.ඉදිරියටත් විශිෂ්ඨ මහජන සේවයක් ඉටු කරමින් මෙරට විශිෂ්ඨතම සේවා සපයන පළාත් පාලන ආයතනය වීමට බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව ගමන් අරඹා ඇත.

ආයතන අංශය

ආයතන අංශය යටතේ පහත සඳහන් ක්‍රියාකාරකම් සිදු කෙරේ.

  • අභ්‍යන්තර අංශ සමඟ සම්බන්ධතාවය පවත්වා ගෙන යාම.
  • පාලන සම්බන්ධයෙන් පළාත් පාලන දෙපාර්තුමේන්තුව හා පළාත් පාලන කොමසාරිස් කාර්යාලය , පළාත් සභා අමාත්‍යාංශ හා අනෙකුත් අදාල ආයතනවලින් නිකුත් කරන උපදෙස් හා නියමයන් ක්‍රියාත්මක කිරීම.

සංවර්ධන අංශය

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ සිදු කරන සියලුම සංවර්ධන කටයුතු (ගම නැඟුම ,මඟ නැගුම,දිවි නැඟුම,පළාත් සභා යෝජනා, පළාත් පාලන යෝජනා ,විමධ්‍යගත යෝජනා, ප්‍රාදේශීය සභා ප්‍රතිපාදන මඟින් සිදුකරන සියලු සංවර්ධන වැඩ) වසර තුළ කඩිනම්ව සිදු කිරීමට සැලසුම් කර ඇත.

  • ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීටි අතුරා සංවර්ධනය කිරීම.
  • ග්‍රාමීය මාර්ග කොන්ක්‍රීටි කුට්ටි ගල් අතුරා සංවර්ධන කිරීම.
  • ග්‍රාමීය මාර්ග තාර දැමීම හා නව මාර්ග සකස් කිරීම.
  • පාලම් බෝක්කු හා පැති බැමී ඉදි කිරීම.
  • මාර්ග කානු පද්ධති නඩත්තු වැඩ.
  • ප්‍රජා ශාලා ක්‍රීඩාපිටි ඉදි කිරීම.
  • ග්‍රාමීය වාරිමාර්ග ඉදිකිරීම හා නඩත්තුව.
  • පානිය ජල යෝජනා ක්‍රම ඇති කිරීම.
  • පොදු වැසිකිලි පහසුකම් සැපයීම.
  • පොදු සුසාන භුමි වැඩි දියුණු කිරිම හා නඩත්තුව.
  • පෙර පාසල් සංවර්ධනය.
  • සතිපොළ සංවර්ධන කටයුතු.
  • නගර සංවර්ධන වැඩ සටහන් ක්‍රීයාත්මක කිරීම.

ආදායම් අංශය

බුලත්කොහුපිටිය සභාවේ ආදායම් අංශය මඟින් වරිපනම් බඳු ,කඩ කුලී හා බල පත්‍ර ගාස්තු සතිපොළ බදු අයකරනු ලබන අතර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මහජනතාවගේ පෞද්ගලික, අවශ්‍යතාවයන් සාදනය කර ගැනීමට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර වන ලෙලන තලනය,පෙවුම් කම්පකය(porker) JCB යන්ත්‍ර ආදිය කුලීයට දෙනු ලැබේ.

ගිණුම් අංශය

විධිමත් විමර්ශනශීලී ගිණුම් ක්‍රමයක් පවත්වා ගැනීම ගිණුම් කටයුතුවල පොදු ක්‍රමවත් භාවය තහවුරු කිරීම ගිණුම් අංශය මඟින් සිදු කරයි

  • සභාවේ ආදායම් අංශය වියදම් අංශය කෙරෙහි ප්‍රමාණවත් විමර්ශනශීලී අකණ්ඩ අවධානය යොමු කිරිම හා ඒ සඳහා සම්බන්ධව නිරවද්‍ය කාර්යක්ෂම ගිණුම් පටිපාටියක් පවත්වා ගෙන යාම. දෛනිකව ගනුදෙනුවල මුදල් පරිපාලන කටයුතුවල අඛණ්ඩව වගකිමක් ක්‍රියාත්මක බවක් ඇති කිරීම.
  • දෛනික අවශ්‍යතාවයන් හා දෙපාර්තුමේන්තු පටිපාටි සපුරාලන පරිදි සියලුම මාසික ගිණුම් හා අවසාන ගිණුම් සැකසිම හා අදාල බලධාරින් වෙත යොමු කෙරේ



agency