බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවෙහි මූලිකත්වයෙන් හා මෙහෙයවීමෙන් Clean Sri Lanka ජාතික වැඩසටහනට සමගාමීව 2025.01.31 දින බුලත්කොහුපිටිය නගරය, බස් නැවතුම්පල, දේදුගල මාර්ගය අංගුන්න දක්වා හා අලවතුර දක්වා,පිරිසිදු කර ජනතාවට පහසුව සලසන ලදී.
මෙම අවස්ථාවට ජාතික ජනබලවේගය යටියන්තොට ආසන සංවිධායක නන්දන මිල්ලගල මැතිතුමාගේ පුද්ගලික ලේකම්තුමා, ප්‍රාදේශී්‍ය සභා ලේකම්, ප්‍රාදේශීය ලේකම්තුමිය, පොලිස් ස්ථානාධිපතිතුමා, මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා හා එම කාර්යාලයන්හි නිලධාරීන් සහභාගි විය.
මෙහි පළමු අදියර 2025 ජනවාරි මස 22 වන දින පන්නල, පනාපිටිය සිට බුලත්කොහුපිටිය දක්වා සිදු කර ඇත.
Leave a Comment