සභාපතිතුමාගේ පණිවුඩය

image

2011 වසරේ පැවැත් වු පළාත් පාලන මැතිවරණයෙන් දිස්ත්‍රික්කයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා  බුලත්කොහුපිටිය ‍ප්‍රාදේශීය සභාවේ දෙවැනි සැසිවාරයේ සභාපතිවරයා වශයෙන්  පත් වී 2015 වසරේ ධූර කාලය අවසන්ව නැවත 2018 වසරේ බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ පාලනය සඳහා ජනතාව විසින් තෝරා පත්කරගත් ජනතා නියෝජිතයන්ගෙන් සමන්විත පාලන තන්ත්‍රයක භාරයට පත් වීමට හැකිවීම මා ලද භාග්‍යයකි. නවමු මුහුණුවරකින් අප ආරම්භ කල ජනතා කේන්ද්‍රීය පාලන ක්‍රමය යටතේ සියලු පහසුකම්වලින් සපිරි සුන්දර පුරවරයක් ගොඩනැගීම මෙන්ම ප්‍රදේශයේ  තිරසාර සංවර්ධනයක් ඇති කිරීම මාගේ මුලික අපේක්ෂාවයි. එම අපේක්ෂාවන් මුදුන්පත් කරගැනීම ගත් තවත් ඉදිරි පියවරක් ලෙස බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවියක් ස්ථාපිත කිරීමට හැකිවීම පිළිබඳ අතිශයින් සතුටට පත් වෙමි.

තාක්ෂණයේ දියුණුවත් සමඟ රාජ්‍ය පාලන ව්‍යුහය හා ජනතාව අතර සම්බන්ධතා වඩාත් සමීප කිරීමට මෙන්ම වැඩි කාර්යක්ෂමතාවයකින් සහ සඵලදායකත්වයකින් යුතුව ඵලදායි ජනතා සේවාවන් ඉටු කිරීමට මෙම වෙබ් අඩවිය මහජන නියෝජිතයන්ට, නිලධාරින්ට මෙන්ම පුරවැසි ජනතාවටද එක සේ ප්‍රයෝජනවත් වනු ඇතැයි සිතමි.

අන්තර්ජාලය හරහා සම්බන්ධව ප්‍රදේශීය සභාවේ තොරතුරු මෙන්ම ඉන් සිදු කෙරෙන සේවාවන් කඩිනමින් විධිමත්ව ජනතාවට දැනගැනීම පහසු කීරිමත් මෙම වෙබ් අඩවිය හරහා සේවාලාභීන්ගේ අවශතා ඉටුකිරීමට අවශ්‍ය සියලු තොරතුරු ලබාගැනීමට අවස්ථාව උදාකරදීම මාගේ අරමුණයි.

මෙම වෙබ් අඩවිය බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ කටයුතු ස්වයංක්‍රීයකරණය කිරීමේ දීර්ඝ කාලීන ව්‍යාපෘතියක ආරම්භකය සනිටුහන් කරන අතර ඉදිරි වසර කිහිපය තුලදි නවීන තොරතුරු තාක්ෂණයේ බල ගැන්වුණු කෑගල්ල දිස්ත්‍රික්කයේ හොඳම පළාත් පාලන ආයතනය බවට බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව පත්කිරීම අපගේ අපේකෂාව බව ද සඳහන් කරමි.

ඩී.බී.වී.රුවන් සංජීව දියසුන්නත

සභාපති,

ප්‍රාදේශීය සභාව,

බුලත්කොහුපිටිය.