ආයුබෝවන්..!

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව මඟින් සපයන සේවාවන් හා සේවාලාභී ඔබට අවශ්‍ය වන අනෙකුත් අවශ්‍යතා ඉටුකරලීම සඳහා වු, බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා නිල වෙබ් අඩවිය වෙත සාදරයෙන් පිළිගනිමු


සිදුවීම්- පෙර පාසල අලුත්වැඩියා කිරීම

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා පෙර පාසලේ සිදු කෙරෙන අලුත්වැඩියාව හේතුවෙන් එය තාවකාලිකව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරය වෙත ගෙන යන ලදී.

තව දුරටත්

පුවත්- දේපළ බදු දීම

2024 වර්ෂය සඳහා ප්‍රාදේශීය සභා දේපළ බදු දීමේ කටයුතු නොබෝ දිනකින් ආරම්භවේ.

තව දුරටත්

දැන්වීම්- ප්‍රසම්පාදන

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ 2024 වර්ෂයට ආදාළව සැපයුම්කරුවන් සහ කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම 2023.11.25 වන දින සිට සිදු කරනු ලබයි.

තව දුරටත්

තොරතුරු

කසළ එකතු කිරිම - මාසයේ සෑම දිනකම දිරණ කසළ එකතු කරනු ලැබේ.නොදිරණ කසළ සෑම මසකම 15 සහ 30 යන දිනයන් වලදී එකතු කරනු ලැබේ.

තව දුරටත්

වත්මන් නායකත්වය

බල ප්‍රදේශයේ දියුණුව සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමින් කටයුතු කරන බුලත්කාහුපිටිය ප්‍රාදේශීය සභාවේ සහ පළාත් පාලනයේ ප්‍රධානත්වය හොබවන පුරෝගාමී නායකත්වයන්

ඩී.ජී.එස්.එස්. ආරියසිංහ

ලේකම් - බුලත්කොහුපිටි ප්‍රාදේශීය සභාව පණිවුඩය කියවන්න

නවතම තොරතුරු

පුවත්, සිදුවීම්,වැඩසටහන්,ව්‍යාපෘති. යාවත්කාලීන කිරීම්

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම

බුලත්‍කොහුපිටිය ප්‍රාෙද්ශීය සභාවට 2025 වසර සදහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු 2024.12.29 දින දක්වා සිදු කරනු ලබයි.

රුවන් අරුණැල්ලෙන් පිබිදෙන බුලත්කොහුපිටිය පුරවරය

ගරු සභාපති රුවන් සංජීව මැතිතුමාගේ සංකල්පයක් මත හිටපු පළාත් සභා ගරු මන්ත්‍රී හර්ෂ සියඹලාපිටිය මැතිතුමාගේ මැදිහත්වීමෙන් හිටපු ගරු නියෝජ්‍ය කථානායක වර්ථමාන ගරු මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමාගේ මුදල් ප්‍රතිපාදන යොදවා ඌරුමිවල මිහිරි පෙරපාසල සදහා සී සොවක් ලබාදුන් මොහොත

ඩෙංගු මර් ධන වැඩසටහන

ඩෙංගු මර් ධන වැඩසටහනට සමගාමීව බුලත්කොහුපිටිය ප්‍රාෙද්ශීය සභාව, මහජන පුස්තකාලය, බුලත්කොහුපිටිය පොලීසිය හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර් යාලයේ මූලිකත්වයෙන් පැවති නගර පවිත්‍රතා ශ්‍රමදානය

නව වසර සඳහා ප්‍රාදේශීය සභා පෙර පාසලේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම

2025 වසරට අදාළව බුලත්කොහුපිටිය ප්‍රාෙද්ශීය සභා පෙර පාසල් අධ්‍යාපන කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

මහජන රථ ගාලක් ආරම්භ කිරීම

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති රුවන් සංජීව මැතිතුමාගේ සහ ගරු උප සභාපතිතුමා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයේ සංකල්පයක් මත බුලත්කොහුපිටිය නගරය වෙත පැමිණෙන රථ වාහන සුරක්ෂිතව නවතා තැබිම සඳහා බුලත්කොහුපිටිය නගර මධ්‍යයේ ආරම්භ කරන ලද මහජන රථ ගාලක් ආරම්භ කිරීම.

පිළිබඳ

බුලත්කොහුපිටි ප්‍රාදේශීය සභාව

මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 124.205 ක් වන අතර 51425ක් වන ජනගහනය බහු වාර්ගික හා බහු ආගමික සංස්කෘතීන්ගේ විවිධත්වයන් උරුම කරගෙන සිටී.

සුන්දර බුලත්කොහුපිටිය

සොඳුරු අඩවියකට හිමිකම් කියන බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය දේශීය සංචාරකයින්ගේ ඇසිදිසි පාරාදීසයක් බවට පත් වී ඇත.

ඉතිහාසය

යටියන්තොට කොට්ඨාශයේ වසම් 20 කුත් ගලිගමුව කොට්ඨාශයේ වසම් 7 කුත් ඒකරාශී කොට ගනිමින් 2006 අප්‍රේල් 15 දින නව බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව පිහිටුවන ලදී.

ප්‍රාදේශීය සභාව

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව ගරු සභාපතිතුමා ඇතුළු 18 දෙනෙකුගෙන් යුත් මන්ත්‍රී මණ්ඩලයත්, ගරු ලේකම්තුමා ඇතුළු ස්ථීර, අනියම්, තාවකාලික කාර්යය මණ්ඩලයත් එක්ව ප්‍රදේශය තුළ මහඟු මෙහෙවරක් ඉටු කරයි.

51425

මුළු ජනගහනය

වැඩි විස්තර »
124.205

භූමි ප්‍රමාණය (වර්ග කිලෝමීටර්)

වැඩි විස්තර »
68

ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලය

වැඩි විස්තර »
18

මන්ත්‍රී මණ්ඩලය

වැඩි විස්තර »

සේවාවන්

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාව මඟින් ඉටු කරනු ලබන ප්‍රධාන සේවාවන්‌ බිඳක්..

අනතුරුදායක ගස් ඉවත් කිරීම

ගසේ යම් කොටසක් මාර්ගයට හෝ නිවසකට හානි විය හැකි අයුරින් පවතින අවස්ථාවල ප්‍රාදේශීය සභාව විසින් මේ සඳහා ක්‍රියා මාර්ග ගනු ලැබේ.

ඝණ අපද්‍රව්‍ය කමනාකරණය

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල එක් රැස්වන කැලි කසල අපහරණ කටයුතු සිදු කරමින් මාර්ග අතුගා පිරිසිදු කොට ප්‍රදේශය පවිත්‍රව සහ සනීපාරක්ෂිතව පවත්වාගෙන යාම

ආදාහනාගාර සේවාව

ප්‍රාදේශීය සභාව සතු එකම ආදාහනාගාරය දෙහල්කලවිට ආදාහනාගාරය වේ.

වීථිරේඛා/ ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම

මෙම සහතිකය නිකුත් කරනු ලබනුයේ ගොඩනැගිලි සීමාව සලකනු කිරීම සඳහාය.

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

ප්‍රාදේශීය සභා‍වක් විසින් සිය බල ප්‍රදේශය තුල පිහිටි සියලු ඉදිකිරීමේ ක්‍රියාකාරකම් පාලනය හා නියාමනය කරයි.

වීදි සහ පොදු ස්ථාන ආලෝකකරණය

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවට අයත් මාර්ගවල සහ පොදු ස්ථාන වල වීථිලාම්පු සවි කිරීමේ හා නඩත්තු කිරීමේ කටයුතු බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ විදුලි අංශය මඟින් සිදු කරනු ලබයි.

නිතර අසන පැන

බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවෙන් නිතර අසන පැන

දැක්ම

ප්‍රදේශයේ ඉහළම සේවා සපයන ආයතනය බවට පත් වීම

මෙහෙවර

සාකච්ජා තුළින් ජනහිතකාමී තීරණ ගෙන,සම්පත් නිසි සේ කළමනාකරණය කර කැපවී සාමූහිකව ප්‍රයත්න දැරීමෙන් ප්‍රදේශය සංවර්ධනය කිරීම බුලත්කොහුපිටිය ‍ප්‍රදේශීය සභාවේ මෙහෙවර වේ.

අගයන්

සාකච්ජා තුළින් ජනහිතකාමී තීරණ ගෙන,සම්පත් නිසි සේ කළමනාකරණය කර කැපවී සාමූහිකව ප්‍රයත්න දැරීමෙන් ප්‍රදේශය සංවර්ධනය කිරීම

අමතන්න

අප අමතන්න

විද්‍යුත් තැපෑල

bulathps@gmail.com

ලිපිනය

ප්‍රාදේශීය සභාව, බුලත්කොහුපිටිය.

දුරකථනය

0362247575

Loading
Your message has been sent. Thank you!