බුලත්කොහුපිටිය ප්‍රාදේශිය සභාව

දිනපතා වීථී අතුගෑම සහ කසළ එකතු කිරිම - කාලසටහන

මාසයේ සෑම දිනකම දිරණ කසළ එකතු කරනු ලැබේ.නොදිරණ කසළ සෑම මසකම 15 සහ 30 යන දිනයන් වලදී එකතු කරනු ලැබේ.

වේලාව කාර්යයන්

පෙ.ව.5.00 - 9.00 බුලත්කොහුපිටිය බස් නැවතුම්පල සහ නගරයේ සිට කෑගල්ල පාර පල්ලිය දක්වා, අවිස්සාවේල්ලපාර පොළ දක්වා මාර්ගය, අංගුන්න දක්වා මාර්ගය දෙපස අතුගා පිරිසිදු කිරීම

පෙ.ව 9.00 - 9.30 උදේ ආහාර

පෙ.ව 9.30 - ප.ව 12.30 වෙන්කර ඇති දින අනුව බුලත්කොහුපිටිය නගරය යක්කැල්ල හා පන්නල නගරය හාතාගොඩ එස් වංගුව දක්වාගොස් කසල එකතු කර බුලත්කොහුපිටිය නෙව්ස්මියර් හරහා යග්ගලකන්ද (සඳුදා, බදාදා, සිකුරාදා)

  බුලත්කොහුපිටිය නගරය සිට අලවතුර , ගැටියමුල්ල, කබගමුව, තන්නිමලේ හරහා යග්ගලකන්ද කොම්පෝස්ට් අංගනය , කසල බෑම ට්‍රැක්ටර් රථය සේදීම සහායකයන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීම (අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, ඉරිදා)

  සෙනසුරාදා නගරය සහ සතිපොළ

ප.ව 12.30  - 1.00 කොම්පෝස්ට් අංගනයේ සිට  බුලත්කොහුපිටිය ප්‍රාදේශිය සභාව

සේවක මණ්ඩලය

 රියදුරු 

01.කේ.ඩබ්.චමින්ද ප්‍රේමතිස්ස මයා

 02. මිලාන් රුවන් ධරිමසේන මයා

සෞඛ්‍යය කම්කරුවන්

01.ආර්.එම්.චමින්ද රෝහන මයා

02.එච්.ජී.තිස්ස කුමාර මයා

03.එච්.වසන්ත විජේකුමාර් මයා

අධීක්ෂණය

01.ඩී.ජී.එස්.එස්.ආරියසිංහ

02.ඒ.පී.අයි.ටී.පද්මසිරි 

කසල කළමනාකරණය

බුලත්කොහුපිටිය බල ප්‍රදේශයේ කසල කළමනාකරණය වරිපනම් කලාප පදනම් කොට සිදු කරන අතර එහිදී නාගරික කසල කළමනාකරණය ඉලක්ක කර ගනී. තම ව්‍යාපාරික ස්ථානය, ගෘහය තුල සීමිත ඉඩක් ඇති බැවින් ස්වයං කසල කළමනාකරණය කර ගැනීමට නොහැකි ජනතාවට මෙය වඩාත් සහනදායී වේ. නාගරික අලංකරන ක්‍රියාවලියේදී මෙන්ම වසංගත රෝග ව්‍යාප්තිය පාලනය කිරිමට මෙම වැඩසටහන වඩාත් ඵලදායී වේ.
පළාත් පාලන බල ප්‍රදේශයක කසළ කළමනාකරණයේදී පළාත් පාලන ආයතනයක් මඟින් පවත්වාගෙන යා යුතු සුවිශේෂී  අංගයක් වන කසළ කළමනාකරණ මධ්‍යස්ථානය අප ප්‍රාදේශිය සභාව මඟින් ද ඉතා මැනවින් පවත්වාගෙන යයි. එය බුලත්කොහුපිටිය ප්‍රධාන නඟරයෙන් කි.මී.3ක් පමණ දුරින් නෙව්ස්මියර් පහල යග්ගලකන්ද නම් ග්‍රාමයේ පිහිටා ඇති  අතර මෙම  ප්‍රදේශය මිනිස් වාසයෙන් තොර හුදකලා ප්‍රදේශයකි. 
මෙම කසළ කළමනාකරණ මධ්‍යස්ථානය තුලදී දිරණ කසළ  කොම්පෝස්ට්කරණය  කිරිම, නොදිරණ කසල වෙන් කිරිම, කාබනික පොහොර නිශ්පාදනය, පොලිතීන් බ්‍රේරේල් කරණය ප්‍රධාන වශයෙන් සිදු කරයි.